දේශීය වෙළඳ පොලේ රත්‍රං අද රත්තරන්ම වෙයි

Report
1Shares

දේශිය වෙළඳපොලේ රන් පවුමක මිල අද රුපියල් අසුදහස දක්වා ඉහල ගොස් ඇති බවයි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් පවසන්නේ.

පැතිර යන කොරෝනා රෝගය හේතුවෙන් කොටස් වෙළඳපොල ගණුදෙණු ද පහත වැටිම නිසා රත්තරං සඳහා ඇති ඉල්ලුම ඉහල යාම මෙයට හේතුව වී තිබෙනවා.

එමෙන්ම ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති විම ද දේශිය වෙළඳ පොලේ රන් පවුමක මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ.

දිවයිනේ නිෂ්පාදනය කරනු ලබන ස්වර්ණාභරණ විශාල ප්‍රමාණයක් නිතියානුකුල නොවන ආකාරයට ඉන්දියාවට රැගෙන යන බවත්, දේශිය වෙළඳ පොලේ රන් යුතු රන් මෙසේ නිතියානුකුල නොවන ආකාරයට ඉන්දියාව වෙත රැගෙන යන නිසා ඉල්ලුමට සරිලන රන් දෙශිය වෙළඳ පොලේ නොමැති නිසා මෙසේ රන් පවුමක මිල ඉහල ගොස් ඇති බව වෙළඳුන් පවසනවා.

980 total views