ඉතිහාසයේ පළමු වරට රුපියලට මොකද වුනේ... හෙට දවසේ ඇමෙරිකානු ඩොලරයේ අගය???

Report
25Shares

ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව මෙරට ඉතිහාසයේ වැඩිම අවප්‍රමාණය වීම අද දිනයේ වාර්තා වුනා.

අද දිනයේ දී ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 193.35ක් ලෙස වාර්තා වූ අතර එහි විකුණුම් මිල රුපියල් 199.25ක් ලෙස සටහන් වුනා.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම මත ඇති වී තිබෙන තත්ත්වය හමුවේ මෙම අවප්‍රමාණය වාර්තා වී ඇති බව මහ බැංකුව සඳහන් කියා සිටියා.

2020 වසරේදී මාර්තු මස අවසානය දක්වා කාලයේදී ඇමරිකානු ඩොලරය හමුවේ රුපියල 4.7% කින් අවප්‍රමාණය වී තිබීම විශේෂිතයි.

මේ අතර මෙම සතියේ දී ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.