පොළොන්නරුවෙ සිට ඉස්සො ගන්න ආ වඩේ වෙළෙන්ඳාටත් කොරෝනා.

Report
52Shares

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් බකමූණ නගරයේ වඩේ වෙළෙඳසැළක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව එම පුද්ගලයාගේ වඩේ වෙළෙඳසැළ පැවති ස්ථානය හා බකමූණ නගරය විෂබීජහරණයට ලක්කිරීමට ඇළහැර ප්‍රාදේශීය සභාව හා ඇළහැර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් අද (26) උදෑසන කටයුතු කළා.

බකමූණ, ට්‍රැක් 19 ප්‍රදේශයේ පදිංචි වී සිටි වයස අවුරුදු 34ක පුද්ගලයෙක් මෙලෙස කොරෝනා ආසාදිතයෙක් ලෙසට ඊයේ (25) රාත්‍රීයේ අනාවරණය කර තිබේ.

එම ආසාදිත පුද්ගලයා පසුගිය දිනක ඉස්සන් ගෙන ඒමට පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයට පැමිණි අයෙක් බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් හා ඒ අවට නිවාස 10ක පුද්ගයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළ බව ඇළහැර ප්‍රාදේශිය සභා සභාපති නලීන් ජානක කුමාර මහතා ප්‍රකාශ කළා.