වයස් භේදයකින් තොරව සියලුම උපාධිධාරීන්ට රැකියා අවස්ථා

Report
1Shares

ඉදිරි මහ මැතිවරණයට මුහුණදීමට අවශ්‍ය වූ ක්‍රියාමාර්ගයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මේ වන විට ආරම්භ කර තිබෙන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .

ඒ අනුව සෑම ආසනයකම කාන්තා සහ තරුණ බලමණ්ඩල පිහිටුවා නොමැති ප්‍රදේශ වල පිහිටුවන බවත් පසුව ජාතික සම්මේලනය පවත්වා තරුණ බල මණ්ඩල වල ප්‍රධාන නිලධාරීන් පත් කිරීමට කටයුතු කරන බවත් ඒ් මහතා කියා සිටියා.

මේ අතර සියලුම උපාධිධාරීන් සදහා වයස් භේදයකින් තොරව රැකියා අවස්ථාවන් ලබා දෙමින් ඉදිරියේදී විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්ට වෘර්තීමය වශයෙන් රැකියා ගත වීමට අවශ්‍ය පරිදි විෂය නිර්දේශයන් සකසන බවද දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා.