පාසල් විවෘත වන දිනය ගැන අධ්‍යාපන ඇමතිගෙන් හෙළිදරව්වක්.

Report
17Shares

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය හේතුවෙන් දැනට වසා දමා ඇති පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන 26 වනදා සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විෂය භාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, පාසල් යළි විවෘත කරනු ලබන්නේ කොවිඩ් අවදානම සම්පූර්ණයෙන්ම පහව ගිය පසුව බවයි.

එම නිසා කිසිදු දෙමාපියෙකු ඒ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව සඳහන් කළේ, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද(22) පෙරවරුවේ පැවති උත්සවයකට එක්වෙමින්.