2021 සඳහා පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගැනීමේ අයදුම්පත්‍රය ප්‍රකාශයට පත්කෙරේ..

Report
19Shares

ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

මේ අතර පළමුවන සහ දෙවන ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් අන්තර්ජාල හෝ රූපවාහිනී පහසුකම් නොමැතිව වුවද නිවසේ සිට ක්‍රියාකාරී අධ්‍යාපනයෙහි යෙදිය හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල පැකේජයක් හඳුන්වාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියානු රජය සහ යුනිසෙෆ් සංවිධානය ඇතුලු සංවිධාන රැසක සහයෙන් මෙම පැකේජය හඳුන්වාදී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කළේ.

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කර ගැනීමේ අයදුම්පත්‍රය මෙතැනින්