අද පාසල් ආරම්භ වීමෙන් පසු වත්මන් තත්ත්වය.

Report
6Shares

කොරෝනා හෙවත් කොවිඩ් -19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් මාස තුනකට(දින 113) අධික කාලයක් වසා දමා තිබූ රජයේ පාසල් අද (06) ආරම්භ කෙරුණා.

මෙලෙස දිවයින පුරා පාසල් ආරම්භ කිරීමත් සමඟ පාසල් වෙත ළමුන් පැමිණීම සිදුව තිබුණේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට ප්‍රමුඛත්වය දෙමින්.

එහිදී පාසල් වෙත කැඳවනු ලැබුවේ, 13,11 සහ 5 ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කළා.

අද පාසල් ආරම්භ වූ 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු සිදු කෙරේ.

මේ අනුව පාසල් තුළ ඉගෙනීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් ඇති අතර එහිදී අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව ගුරුවරුන් විසින් සිසුන් දැනුවත් කර තිබෙනවා.

දිවයිනේ විවිධ පාසල්වලදී මෙලෙස අධ්‍යාපන කටයුතු ආරම්භ කර තිබූ අයුරු පහත ඡායාරූපවලින් දැක්වේ.