පාසල් ආරම්භ කිරීම අත්තනෝමතික තීරණයක් නොවේ....

Report
22Shares

හෙට සිට පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය අධ්‍යාපන අමාත්‍යාංශයේ අත්තනෝමතික තීන්දුවක් නොවන බව අමාත්‍යාංශ ලේකම් මහචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරනවා.

මෙම තීරණය සෞඛ්‍ය නිර්දේශ මත ගත් එකක් බවයි ඔහු කියා සිටියේ.

රුපවාහිනී නාලිකාවක් සමග පැවති වැඩසටහනකට එක වෙමින් ඔහු මෙම අදහස් පල කළා.

කෙසේ වෙතත් ගුරු සංගම් කිහිපයක් කියා සිටියේ හෙට දිනා පාසල් ආරම්භ කිරීමේ පාසැල තුල කොරෝනා පොකුරක් බිහි වීම වැළැක්විය නොහැකි බවයි. වත්මන් රජය අත්තනෝමතික ලෙස මෙම තීරණය ගෙන ඇති බවද එම සංගමය පෙන්වා දුන්නා