පැපිලියවල පස් නිවුන් දරුවන්ගේ සැඟවුණු කතාව

Report
2Shares

පැපි­ලි­ය­වල ගනි­හි­ගම පදිංචි ප්‍රිය­ද­ර්ශන ලිය­න­ආ­ර­ච්චි­ටත් රසාං­ජලි ජය­ව­ර්ධ­න­ටත් පසු­ගිය අගෝස්තු 31 වැනි දිනය ජීවි­තයේ වටිනා දින­යක් විය. ඒ, ඔවුන් දෙපළ විවාහ ප්‍රාප්ත වී එදි­නට වසර 3ක් සම්පූර්ණ වන නිසාය. එහෙත් මෙවර ඔවුන්ට ඔවුන්ගේ තෙවැනි විවාහ සංව­ත්සර දිනයේ වටි­නා­කම පස් ගුණ­ය­කින් පමණ වැඩි වී ඉතා­මත් සුවි­ශේෂි දව­සක් බවට පත් වූයේ මෙම යුවළ ඊට තෙදි­න­කට පෙර (28 වැනිදා) බිලි­ඳි­යන් පස් දෙන­කුගේ මවු­පි­යන් බවට පත් වූ බැවිනි. පසු­ගිය සිකු­රාදා ඔවුන්ට මවු­පිය පද­විය උරුම වූයේ එදින සිදු වූ පස් නිවුන් දරු උප­තත් සම­ඟය.

කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ බිහි වූ පස් නිවුන් දැරි­යන් මේ වන විට සිටින්නේ එම රෝහලේ නොමේරූ ළදරු ඒක­කයේ ය. දැරි­යන්ගේ මව වන 29 හැවි­රිදි රසාං­ජලි ජය­ව­ර්ධන රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ නේවා­සි­කව පසු­වෙයි. එක්ව­රම දිය­ණි­යන් පස්දෙ­න­කුගේ වග­කීම් කර පින්නා ගත් පියා වන ප්‍රිය­ද­ර්ශන ලිය­න­ආ­රච්චි අපට හමුවුයේ එහිදීය.

“මම පූගොඩ නග­රයේ පොඩි සපත්තු සාප්පු­වක් කරන කෙනෙක්. මගේ බිරිඳ ගුරු­ව­රි­යක්. එයාට ගුරු පත්වීම ලැබුණේ අපි විවාහ වුණ අලු­ත­මයි. මුලින්ම පත්වීම ලැබුණේ වව්නි­යාවේ ගාමිණි විද්‍යා­ල­යට. ඒ කාලේ රසාං­ජ­ලිට දරු ගැබක් තිබුණා. ඒත් දුෂ්කරය පසුව දරු­ගැබ නැති වුණා. අපේ කුළු­ඳුල් දරුවා අහිමි වීම ගැන අපි දෙදෙ­නාම ගොඩාක් දුකින් හිටියේ. ඒ නිසාම අපි දරු­වන් ප්‍රාර්ථනා කරලා රුව­න්වැ­ලි­සෑ­යට බාර­හාර වුණා. මම නම් දෙවි­ය­න්ගෙන් ඉල්ලු­වෙම දරු­වෙක් නෙමෙයි, දරුවො ගොඩාක්. ඒ නිසාම වෙන්න ඇති මට එක­පා­ර­ටම දරු­වන් පස්දෙ­නෙක් ලැබුණා.” යනු­වෙන් පැව­සුවේ දරු­වන්ගේ පියා ප්‍ර‍ිය­ද­ර්ශන ය.

කිරි­කැ­ටි­ය­කුගේ සිහි­නය සැබෑ කර ගැනී­මට ඔවුහු නොවි­ඳිනා දුක් කන්ද­රා­ව­කට මුහුණ දුන්හ. ප්‍රථ­ම­යෙන්ම සිදු කළේ වව්නි­යාවේ සිට පූගොඩ ප්‍රදේ­ශයේ පාස­ල­කට මාරු­වී­මක් ලබා ගැනී­මට උත්සාහ කිරී­මයි. එහෙත් රසාං­ජ­ලිට මාරු­වී­මක් ලැබුණේ පූගොඩ කිට්ටු පාස­ල­කට නොවේ. මීග­මුවේ හෝලි රෝසරි පාස­ලට ය. ඉන් සැන­සුණු රසාං­ජ­ලිත් ප්‍රිය­ද­ර්ශ­නත් අන­තු­රුව, දරු­වකු ගැන සිත­න්නට වූහ.

මේ අත­ර­වා­රයේ දී රසාං­ජලි ගැබ් ගත්තේ ඔවුන්ගේ බලා­පො­රොත්තු මල්ඵල ගන්ව­මිනි. එහෙත් ඇයට පෙබ­ර­වාරි මාසයේ සිට පාසල් යෑම­ට­වත් හැකි වූයේ නැත. ඊට හේතුව ඇයට දව­ස­කට 15 වතා­වක් පමණ වම­නය යෑමයි. ප්‍රිය­ද­ර්ශන සඳ­හන් කරන්නේ එම කාලයේ රසාං­ජලි කිසි­වක් ගැන හරි­හැටි අව­බෝ­ධ­යක්, නින­ව්වක් නැතිව මිය ගිය අයකු සේ කාලය ගත කළ බවයි. රාගම රෝහලේ ප්‍රසව හා නාරි­වේද විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු හමු­වී­මට ඔවුන් තීර­ණය කළේ පෙර අත්විඳි අභාග්‍ය සම්පන්න අත්දැ­කීම නිසා­මය.

“මේ කාල­යේදි තමයි ස්කෑන් කරලා දැන ගත්තේ දරු­වන් හත­ර­දෙ­නෙක් ලැබෙන්න ඉන්නවා කියලා. පස්සෙ තමයි දරුවෝ පස්දෙ­නෙක් සිටින බව කිව්වෙ. ඒ වෙලාවේ රසාං­ජ­ලීව පරීක්ෂා කරපු වෛද්‍ය­ව­රයා කිව්වා දරුවෝ පස්දෙ­නෙක් බිහි කිරීම භාර­දූර කාර්ය­යක්, දරු­වන් කුස තුළ දරා­ගෙන සිටී­මෙන් මව ගොඩාක් දුර්වල වෙනවා. අම්මාගේ ජීවි­ත­යට වුණත් අන­තු­රක් වෙන්න පුළු­වන් කියලා. ඒක අහලා ඇත්ත­ටම මමත් භය වුණා. දරුවෝ වටි­නවා වුණාට දරු­වන්ගේ අම්මාව ඊට වඩා වටි­න­වානේ.

ඒ වෛද්‍ය­ව­රයා කිව්වා දරුවො පස්දෙ­නා­ගෙන් දෙදෙ­න­කුව අයින් කරන්න කියලා. ලංකාවේ එය නොක­රන නිසා ඉන්දි­යාවේ ගිහින් කරන්න කිව්වා. අපි දෙදෙ­නාට මුකුත්ම හිතා ගන්න බැරි වුණා. මගේ අයි­යාගේ බිරි­ඳත් වෛද්‍ය­ව­රි­යක්. එයා­ගෙ­නුත් ඇහුවා. මගේ යාළු­වෙකු ඉන්නවා මිලාන් කියලා කරා­පි­ටිය රෝහලේ වෛද්‍ය­ව­ර­යෙක්. මම එයා­ටත් විස්ත­රය කිව්වා. මිලාන් මට කිව්වා සොයිසා රෝහලේ මහා­චාර්ය ඒක­කයේ ප්‍රධානි මහා­චාර්ය අතුල කළු­ආ­රච්චි වෛද්‍ය­ව­රයා හම්බ වෙන්න කියලා. ඊට­පස්සේ අපි අතුල කළු­ආ­රච්චි විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාව හම්බ වෙන්න ගියා.” යනු­වෙන් ප්‍රිය­ද­ර්ශන ලිය­න­ආ­රච්චි විස්තර කළේය.

මේ වන විට මාර්තු මාස­යට එළැඹී තිබිණි. කොරෝනා වසං­ග­තය හේතු­වෙන් රටම වසා දැමූ කාලය විය. ඉන්දි­යාවේ යෑමට තබා කොළ­ඹට යෑම­ට­වත් නොහැකි තත්ත්ව­යක් උද්ගත වී තිබිණි. මහා­චාර්ය අතුල කළු­ආ­රච්චි ඔවුන්ට පැව­සුවේ දෛවය විසින් ලබා දී ඇති අභි­යෝ­ග­යට මුහු­ණ­දෙන ලෙස­ටයි. රසාං­ජ­ලිට ද සොයිසා කාන්තා රෝහලේ සාය­න­යට පැමි­ණෙන ලෙසට උප­දෙස් ලැබිණි. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ මහා­චාර්ය ඒක­කය මහා­චාර්ය අතුල කළු­ආ­රච්චි, ප්‍රබෝ­ධන රණ­වීර, අසංක ජය­ව­ර්ධන, චන්දන ජය­සූ­රිය ඇතුළු ප්‍රසව හා නාරි­වේද විශේ­ෂඥ වෛද්‍ය­ව­රුන් පස්දෙ­න­කුගේ අධී­ක්ෂ­ණය පව­තින ඒක­ක­යකි. රසාං­ජ­ලිගේ බිය සැක පහව ගොස් දිරි­මත් සිතින් මුහු­ණ­දී­මට ශක්තිය ලැබුණේ එම­නි­සාය.

අප්‍රේල් මාස­යේදී රසාං­ජ­ලිට බඩේ කැක්කු­මක් ඇති විය. වහාම ක්‍රියා­ත්මක වූ ප්‍රිය­ද­ර්ශන ඇයව ද සොයිසා කාන්තා රෝහ­ලට ඇතු­ළත් කළේ අව­දා­න­මක් ගත නොහැකි නිසාය. ස්කෑන් පරී­ක්ෂ­ණ­යක් කර, ගර්භ­යට හානි­යක් නොමැති බව තහ­වුරු කර ගනු ලැබූ­වද ඇයව සති­යක් පමණ රෝහ­ල්ගත කර තිබු­ණත් ඇගේ බඩේ කැක්කුම අඩු වූයේ නැත. ඉන්ප­සුව වෛද්‍ය­ව­රුන්ගේ තීර­ණය වූයේ උද­රය විවෘත කර පරීක්ෂා කළ යුතු බවයි. එය ඉතා ප්‍රවේ­ශ­මෙන් හා දැඩි අව­ධා­න­යෙන් සිදු කළ යුතු සැත්ක­මකි. වෛද්‍ය­වරු එය ඉතා සාර්ථ­කව සිදු කළහ. දරු­වන් පස් දෙනකු කුස තුළ හොවා­ගෙන සිටින රසාං­ජලි නිර­තු­රු­වම වෛද්‍ය­ව­රුන්ගේ විශේෂ අව­ධා­න­යට ලක්විය යුතු බැවින් කුසට සති 18 සම්පූර්ණ වූ දා සිට ඇයව රෝහ­ල්ගත කිරී­මට වෛද්‍ය­ව­රුන් විසින් තීර­ණය කෙරිණි. එහෙත් එය ඇයට මාන­සික පීඩා­වක් විය හැකි බැවින් විටින් විට නිව­සට ගොස් ආපසු පැමි­ණී­මට ඉඩ ප්‍රස්තා ලබා දී තිබිණි.

“මහා­චාර්ය ඒක­කයේ දෙවැ­නියා විදි­හට හිටියේ විශේ­ෂඥ වෛද්‍ය ප්‍රබෝ­ධන රණ­වීර. ඒ වෛද්‍ය­ව­රයා රසාං­ජ­ලිව සැහැ­ල්ලු­වෙන් තබා ගන්න එයාගේ බය නැති කළා. එයාත් සැහැ­ල්ලු­වෙන් සිටින බව පෙන්නුවා. ඒ වගේම වෛද්‍ය­ව­රුන් රසාං­ජ­ලිට ඇවි­දින්න දුන්නේ නැහැ. රෝද පුටුවෙ තියා­ගෙන උප­ස්ථා­ය­ක­ව­රි­යන් තල්ලු කර­ගෙන ගියේ. රසාං­ජලි දරු­වන් පස් දෙනෙකු කුස තුළ තබා­ගෙන පුදුම දුකක් වින්දේ. උද­රය විශාල නිසා හැරෙන්න පෙර­ළෙන්න බැහැ. මට කරන්න තිබුණේ දෙවි­යන්ට කියන එක තමයි. මම මගේ අතින් ම කිරි­පිඬු උයා­ගෙන හැම­දාම කැලණි විහා­ර­යට ඇවිත් කිරි ආහාර පූජා කළා. දවස් 200 ගණ­නක් බෝධි පූජා තිබ්බා. කිරි වෙහෙ­රට කප්රු­කක් පූජා කළා. මම පින්ද­හම් කරන විට රසාං­ජ­ලිත් වේද­නා­වක්, බියක් නැතිව සිනා­මු­සුව හිටියේ ඒ ගැන එයා­ටත් විශ්වා­ස­යක් තිබුණු නිසා.” යනු­වෙන් තව­දු­ර­ටත් අද­හස් පළ කළේ ප්‍රිය­ද­ර්ශන ලිය­න­ආ­රච්චි ය.

අගෝස්තු 28 වැනි සිකු­රාදා පෙර­ව­රුවේ එම අසි­රි­මත් මොහොත උදා­විය. මහා­චාර්ය ඒක­කය හෙවත් 3 වැනි වාට්ටුව වෙනු­වෙන් විශේ­ෂඥ වෛද්‍ය ප්‍රබෝ­ධන රණ­වීර, වෛද්‍ය මොහො­මඩ් රිෂාඩ් ද සොයිසා කාන්තා රෝහලේ පස් නිවුන් දරු උපත සාර්ථ­කව සිදු කළහ. මෙම සිසේ­රි­යන් සැත්ක­මට නිර්වි­න්දන විශේ­ෂඥ වෛද්‍ය සරෝජා ජය­සිංහ, නොමේරු ළදරු ඒක­කයේ නව ජන්ම විශේ­ෂඥ වෛද්‍ය නිශානි ලූකස් සහ නලීන් ගම­මි­තිගේ ඇතුළු හෙද කාර්යය මණ්ඩ­ලය දායක වූහ.

විනාඩි 5ක් ඇතු­ළත බිහිවූ බිලි­ඳි­යන් පස්දෙ­නාගේ බර කිලෝ ග්‍රෑම් 1ට වඩා වැඩි විය. එහෙත් කිලෝ­ග්‍රෑම් 2ට අඩු විය. බිලි­ඳි­යන් පස්දෙනා නිරෝ­ගීව උපත ලැබූ­වත් නොමේරු ළදරු ඒක­කයේ රඳවා සිටින්නේ නිර­න්ත­ර­යෙන් වෛද්‍ය­ව­රුන්ගේ අව­ධා­නය බිලි­ඳි­යන්ට ලැබිය යුතු නිසාය. මව ද අධික රුධිර වහ­නය හේතු­වෙන් දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබයි. මව සහ දරු­වන් පස්දෙනා සාමාන්‍ය වාට්ටු­ව­කට දමන තෙක් ප්‍රිය­ද­ර්ශන දැරි­යන්ගේ ජන්ම පත්‍ර සකස් කිරීම කල් දමා තිබේ. ජන්ම පත්‍ර සෑදීම, නම් තැබීම සිදු කෙරෙන්නේ ඊට පසු­වය. දිය­ණි­යන් පස්දෙ­න­කුගේ පියකු වූ ප්‍රිය­ද­ර්ශන ලිය­න­ආ­රච්චි දැන් සූදා­නම් වන්නේ නිව­සට රැගෙන ආ පසුව කිරි­කැ­ටි­යන් සිය කාම­රයේ තබා ගැනීම පිළි­බ­ඳ­වය. ඒ සඳහා නිදන කාමර 2ක් මැද ඇති බිත්තිය කඩා එක් නිදන කාම­ර­යක් වශ­යෙන් පිළි­යෙල කර තිබේ.

“දරු­වන් පස්දෙ­නෙක් හදන එක ලොකු අභි­යෝ­ග­යක් තමයි. ඒක මම හොඳින් තේරුම් අර­ගෙන සතු­ටින් මුහුණ දෙනවා. මට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි බබාලා පස්දෙ­නාව රැක බලා ගැනී­මට වැඩි­හිටි ඥාතින් නොමැති වීම. මගේ අම්මා තාත්තා දෙන්නාම නැහැ. රසාං­ජ­ලිගේ අම්මා විත­රයි ඉන්නේ. දරු­වන්ව වඩා ගන්න, කවන්න, නාවන්න වැඩි­හිටි ඥාති කෙනෙක් ඉන්නම ඕනෑ. එක්කෙ­නෙ­කුට විත­රක් දරුවො පස්දෙ­නෙක් බලා ගන්න බැහැනේ.” ප්‍රිය­ද­ර්ශන තමුන් හමුවේ ඇති ලොකුම ගැට­ලුව ගෙන­හැර පෑවේ එලෙ­සිනි.

ප්‍රිය­ද­ර්ශන ලිය­න­ආ­රච්චි සහ රසාං­ජලි ජය­ව­ර්ධන වස­රක පමණ කාල­යක් ඇසුරු කර දෙපා­ර්ශ්වයේ ආශි­ර්වා­දය මැද විවා­හ­ප්‍රාප්ත වූ යුව­ළකි. ඔවුන්ගේ ප්‍රේම සම්බ­න්ධ­තාව වස­ර­කට සීමා වුවද ඔවුන් දැන හඳුනා ගැනෙන්නේ කුඩා වියේ පටන්ය.

“මට කාගෙ­න්වත් උදව් ඉල්ලන්න බැහැ. දරුවො ලැබුණේ මගේ වුව­ම­නා­වට. කවුරු හරි මට උදව් කළාට කමක් නැහැ. මම එපා කියන්නේ නැහැ. මම මගේ උප­රිම ශක්ති­යෙන් දරුවො පස්දෙනා රැක බලා ගන්නවා.” යනු­වෙන් ප්‍රිය­ද­ර්ශන ලිය­න­ආ­රච්චි තිර අදි­ට­නින් පැව­සුවේ ලංකාවේ සිවු­වැනි පස් නිවුන් දරු උපතේ වාස­නා­වන්ත පියා වීමේ උද්දා­ම­යෙනි.

උපුටා ගැනීම – සිළුමිණ පුවත්පත