වෙලේ සුදාගේ බාල සහෝදරිය ලැගුම්හලක සිටියදී පොලිසියට කොටුවූ හැටි

Report
1Shares

සංවිධානාත්මක අපරාධකරුවෙකුුු වන ගම්පොල විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ බාල සහෝදරිය ඇතුළු 3 දෙනෙකු කේරළ ගංජා සමග හක්මන නගරයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලීසිය පැවසුවේ හක්මන - උඩුපිල්ලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී යළි පැමිණ අදාළ ලැගුම්හලේ රැදී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.32 හැවිරිදි ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී හෙවත් වෙලේ සුදාගේ බාල නැගණියට අමතරව, ඇගේ අනියම් සැමියා සහ මෝටර් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ අදාළ ලැගුම්හලේ සිදුකළ සෝදිසියේදී මෙම රියදුරා සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 5ක් මෙලෙස සොයා ගෙන ඇති බවයි.ඔවුන්ගෙන් මේ වනවිටත් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.