“මාව හැදුවෙ මලක් වගේ..ජයරත්න අවමංගල ව්‍යාපාරයේ සභාපති මගේ තාත්තා ” -අධි නීතිඥ නිශාරා ජයරත්න

Report
40Shares

යුද්ධය පැවැති කාලයේ රටේ හමුදා ප්‍රකාශකවරුන් සුප්‍රසිද්ධ වූවාක් මෙන් මේ දිනවල මාධ්‍යයේ සුප්‍රසිද්ධ චරිතයක් වන්නේ නිෂාරා ජයරත්නය.

ඇය සේම ඇගේ පවුලේ ව්‍යාපාරයද ලංකාවේ බොහෝ ප්‍රසිද්ධය. දශක කිහිපයකට පෙර ගුවන් විදුලියේ එම ව්‍යාපාරය ගැන දැන්වීමක් ප්‍රචාරය වූයේ ‘මල් නම් ජයරත්න ජයරත්න නම් මල්’ යනුවෙනිි.

කෙසේ නමුදු නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ධුරයක් හොබවන ඇය රටේ අවධානයට ලක් වන චරිතයක් බවට පත්වූ​යේ රජයේ ප්‍රධාන නීති උපදේශකයා වන නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරිධුරය සමගය.

කවුද මේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය !

කොළඹදීම ඉපදි එහිම හැදිවැඩුණු ඇය මුල් අධ්‍යාපනය ලැබුවේ කොළඹ 07 , හි පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙනි. එම විදුහ⁣⁣ලේදි පෙරදිග හා අපරදිග තූර්ය වාදක කණ්ඩාය⁣මේ සාමාජිකාවක්ද වූවාය.

පසුව උසස් ⁣පෙළ සදහා ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර විදුහලට ඇතුළු වුන ඇය උසස් පෙළ ඉහළින්ම සමත් වුවාය.

පසුව එංගලන්තයේ කෙන්ට් විශ්ව විද්‍යාලයට ඇතුල්වුනි. මව සහ පියාට අමතරව ඇයට ඇත්⁣තේ එකම සොහොයුරෙකි. මව චමරි ජයරත්න වන අතර පියා ගාමිණි ජයරත්න ⁣⁣වේ. ඔහු ආනන්ද විදුහලේ අධ්‍යාපනය හැදෑරැවෙකි .සොහොයුරැ හසංග ජයරත්න වේ.

ජයරත්න අවමංගල සමූහ ව්‍යාපාරය නිර්මාතෘ ඇය⁣⁣⁣ගේ සීයාය. එහි වත්මන් හිමිකරැ ඇයගේ පියාවන ගාමිණි ජයරත්නය. එකම සොහොයුරැද එහි සේවය කරයි.

උපතින්ම බෞද්ධ වන ඇය දහම් පාසැල් අධ්‍යාපනය ලැබු⁣වේ කොට⁣පොළ අමරකීර්ති හිමි⁣⁣ගේ ශාන්ති පදනමෙන්ය.

කෙන්ට් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ලංකාවට පැමිණ නීති විදුහලට බැදී එහිදි උපාධිය ඉවර කළ පසුව ශේෂ්ඨාධිකරයේ නීතිඥවරියක් ලෙස දිවුරැම් දුන් පසු ඇය නීති දෙපාර්තමේන්තුවට බැදුනේය.

ඇය මේ දවස්වල නන්දා මාලනිය යටතේ විශාරද විභාගයේ ඉතිරි ටික සම්පූර්ණ කිරීමට මග බලා සිටි. ඒ මන්ද යත් සංගීත විශාරදයේ අවසන් විභාගය පෙනි පෙනි අතැර දැමීම හේතු කාරනා වු⁣යේ උසස් පෙළ නිසාය.

විවාහයක් ගැන තවම හිතලා නැද්ද යන පැනයට ඇය පිළිතුරැ දුන්නේ මෙසේය

"""" ඔය ප්‍රශ්නයට මට මේ වේලාවේ උත්තර දෙන්න බෑ """"" යනුවෙනි

විශේෂ ස්තූතිය මෙම ලිපියේ මුල් අයිතිකරැට.