ආලවන්තයා සොයා කොළඹ ආ දැරියට තුන්දෙනෙක් කළ හදිය

Report
10Shares

මේ කතාව ඉතා සංවේදී කතාවක්. මෙවන් කතාවක් ආයේ ලියන්නට නොලැබේවායි සිතුනා. ඒත් කාට කාටත් හිතට ගන්න දෙයක් තිබෙන නිසා මේක සටහන් කරා. උදේ හවස බණ අහන්න රටක මේ වගේ දෙයක් ලියන්න වුණ එකත් කනගාටුවට කරුණක්.අම්පාර දිස්ත‍්‍රික්කයේ එක්තරා දුෂ්කර ගම්මානයකින් තමා මේ කතාව වාර්තා වුණේ. දුප්පත් පවුලක අවුරුදු දහතුනයි මාස නමයක් වයස දැරියක්. නමය පන්තියේ ඉගෙන ගන්නේ. ඇය අම්පාර රෝහලට පැමිණි අවස්ථාවක ත‍්‍රිරෝද රථ රියැදුරෙක් සමග හිතවත්කමක් ඇති වෙනවා. ඒ නිසයි එම දැරිය දවසක් කාටත් හොරෙන් අම්පාරේ එන්නෙ.උදේ 10 ට විතර අම්පාරට ආපු ඇය සවස් වනතෙක් ත‍්‍රිරෝද රථයේ රියැදුරු සමග අම්පාර උද්‍යානයකට ගිහින් සිටිනවා. ඇය ගෙදර යන්න අම්පාර බස් නැවතුම්පළට ඇවිල්ල හවස් වුණ නිසා ගෙදර යන්න බයයි කිය කියා අඬ අඬා ඉද්දි උහන මාලිගාතැන්න පැත්තේ තරුණයෙක් හම්බෙනවා. නංගි බය වෙන්න එපා මං ඔයා ගෙදර ගිහින් දාන්නම් කියූ ඔහු අම්පාර පිහිටි දෙමහල් ලැගුම්හලකට රැගෙන ගොස් එම දැරිවියගේ ජීවිතය විනාශ කරල දානවා.මාත් එක්ක කොළඹ යමු කියූ ඔහු කොළඹ යන බස් රථයකට නැගලා යනවා. ඒ දැරිය බිලිගත් නරුමයා දැරියගේ අතට රුපියල් පන්සියයක් දීලා අතරමගදී බැහැලා යනවා. ගෙදරට යන්නට බයට කොළඹට ආපු දැරිය අන්ත අසරණ වෙලා ඉද්දි හමුදාවෙන් නිවාඩු ලබා එන ලාන්ස් කෝප‍්‍රල් වරයෙක් හම්බෙනවා. යමු අපේ ගෙදර ඔහු ඇයව නිවසට එක්කරගෙන යනවා.බයවෙන්න එපා. මම ඔයා බඳිනවා කී ඔහුද ඇයව බිලිගන්නවා. පසුදින ඇයට ඇඳුම් පැළඳුම්, සපත්තු ඔරලෝසු අරන් දුන් ඔහු අම්පාරට පිටත් කර හරින්න කටයුතු කරනවා. අම්පාරට එන්න බස් තිබ්බේ නැති නිසා මොනරාගල බස් එකට නග්ගනවා අම්පාරට යන්න කියලා.හිමිදිරියේ මොණරාගලට පැමිණි ඇය අම්පාරට යන්න බස් හොයනවා. එතකොට වැල්ලවායේ පැත්තේ තරුණයෙක් හම්බෙනවා.නංගී පාන්දර පහට තමයි අම්පාර බස් එකක් තියෙන්නේ කියා ඇය හා හිතවත්ව ඇය රවටා ලැගුම්හලකට රැගෙන ගොස් එම ළාබාල මල් කැකුළ විනාශ කරලා දානවා. මේ අසරණ වෙලා ඉන්නේ තමාගේ සහෝදරියක් වගේ දැරියක් නේද කියලා අනුකම්පාවක් ඒ එකෙකුටවත් ඇති වුණේ නැහැ. උදව් කරන මුවාවෙන් එම දැරිය බිලි ගත්ත එකයි ඔක්කොම කළේ.හවස් වුණා කියලා ගෙදර යන්න බය වෙච්ච දැරියට කොළඹ වටේ රවුමක් ගිහින් එද්දී තුන්දෙනෙක්ගේ කාම ගින්න නිවන්න සිද්ධ වුණා. අවසානයේදී ඇය අම්පාරේ ආවා. අම්පාර නගරයේදී මව මුණගැසෙනවා. දුව අතුරුදන් කියලා මීට පෙර පොලිසියට පැමිණිලි කරලයි තිබ්බේ. ඒක නිසා පොලිස් පරීක්ෂණ ආරම්භ වෙනවා. ඇය හා හිතවත් වුණ ත‍්‍රිරෝද රථයේ රියැදුරු එම දැරිය අපහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ උහන මාලිගාතැන්න ප‍්‍රදේශයේ තරුණයා අත්අඩංගුවට ගන්නවා. දෙන්නම හඳුනාගැනීමේ පෙරට්ටුවකින් පස්සේ මේ දැරිය හඳුනා ගන්නවා.පොලිසිය දිගටම පරීක්ෂණ පවත්වනවා. කොළඹදී හමුවුණ හමුදාවේ අයත් පොලිසියෙන් අත්අඩංගුවට ගන්නවා. අවසානේ මොනරාගලදී හමුවූ වැල්ලවායේ නරුමයත් පොලිසියට කොටු වෙනවා. ඒ දෙන්නම දැන් රක්ෂිත බන්ධනාගාරයේ. ඉදිරි දින කිහිපයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කිරීමටයි සූදානම.ගෙදරට හොරෙන් ළාබාල වයසේදී පෙම්වතෙක් හොයන්නට ආ එම දැරියට ආයෙ ගෙදර යන්න සිද්ධ වුණේ තිදෙනකුට තම සිරුර පූජා කරලා. මගතොටේ අසරණ වෙලා හිටිය අහිංසක ගම්බද දැරියකට රැකවරණයක් දෙන්න කෙනෙක් නැති තරමටම සමාජය පිරිහිලා. මිනිස්සු නරුමයෝ වෙලා. හම්බ වෙච්ච එකෙක් ළඟවත් මනුස්සකම ගෑවිලාවත් තිබ්බේ නෑ. සියලූ දෙනාම කළේ කපටිකමින් රවටාගෙන ඇගේ පහස ලබාගෙන බස් එකට පටවලා එවපු එකයි.නැගෙනහිර නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගේ මඟ පෙන්වීමෙන් අම්පාර නියෝජ්‍ය පොලිස්පති ආයාෂ කරුණාරත්න මහතාගේ සහ අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත රත්නායක මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ටී. එම්. ජයරත්න මහතාගේ අධීක්ෂණයෙන් ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සතරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උ.පො.ප වන්නිනායක, පො. සැ. (38821) චන්දන, පො. සැ. (10557) කුමාර, කා. පො. සැ. (3568) කුමුදිනී, කා. පො. කො (.8888). අනුරාධා යන නිලධාරි මහත්ම මහත්මීන් විසින් මේ ගැන පරීක්ෂණ පවත්වනවා.මේ කතාව දරුවන්ට සොයා බලන්නේ නැතුව නිදහසේ ගමන් බිමන් යන්නට දෙන දෙමවුපියන්ටත් මව බනියි කියලා පිට අය විශ්වාස කරලා එළියට බහින අයටත් හොඳ පාඩමක්. මේ අහිංසක දැරිය රවටා බිලිගත්ත නරුමයන්ට නම් නිකන් දඬුවම් නෙවෙයි දෙන්න ඕනි රජකාලේ දඬුවම් තමයි.