කොරෝනා රෝගීන් ප්‍රවාහනය කරන රියැදුරුවරිය සිදු කරන කැප කිරීම (VIDEO)

Report
4Shares

කොවිඩ් 19 වසංගතය ඉන්දියාවට පැමිණෙන විට නීලම්සිං වසර 18ක් තිස්සේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන ‘පාසල් බස් රථයක්’ පදවා තිබිණි. මීට මාස කිහිපයකට පෙර ඉන්දියාව මුළුමනින්ම අගුළු දැමීමත් සමගම පාසල් සියල්ල වැසී ගිය අතර නිලම්ගේ රැකියාවද තාවකාලිකව වසංගතය විසින් අත්හිටිවිණි.කෙසේ වෙතත් වසංගතය නොසිතූ වේගයකින් ඉන්දියාව පුරා පැතිර යෑමත් සමගම රෝගීන් වෙනුවෙන් ගිලන්රථ බහුලව අවශ්‍ය විය. එහෙත් එම පහසුකම ලබා දීමට සෞඛ්‍ය අංශ අසමත් වූ අතර ඔවුන්ට විකල්ප ප්‍රවාහන මාධ්‍යයකට අවධානය යොමු කිරීමට සිදු විය. පාසල් බස් රථ ගිලන් රථ බවට පරිවර්තනය කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කරන ලද්දේ ඒ අනුවය.දැන් පාසල් ප්‍රවාහනය වෙනුවට නීලම් සිංට නව රැකියාවක් හිමිව ඇත. එය රැකියාවටත් වඩා භාර ධුර වගකීමක් වන අතර ඇය දැන් ගිලන් රථ රියැදුරුවරියකි. මුම්බායි යනු මේ වන විට වසංගතය අතිශය දරුණු ලෙස පැතිරගිය ඉන්දියාවේ කේන්ද්‍රස්තානය බවට පත් වී ඇත. නීලම් සිය වගකීම ඉටු කරන්නේ මෙම ජනාකීර්ණ, රෝගීන් බහුල මුම්බායි නුවර මධ්‍යයේය.ඇයට එක්වරක් කොවිඩ් 19 වයිරසය වැලඳී ඇත. සුවය ලැබීමෙන් පසුවද දැන් ඇය පවසන්නේ තමා රෝගයට බිය නොවන බවයි. එසේම සිය නව වගකීම නොපිරිහෙලා ඉටු කිරීමට කැපවන බවද නීලම්සිං බී.බී.සී. පුවත් සේවයට ප්‍රකාශ කර ඇත.