විවාහක කත බලෙන් දූෂණය කළ 05ක් මාට්ටු

Report
13Shares

විසි එක් හැවිරිදි විවාහක කාන්තාවක් සමූහ දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලිසිය පවසයි.අත් අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 18,19,20,24,30 වයස්වල පසුවන පස් දෙනෙකි. මෙම කාන්තාවගේ සැමියා කොළඹ රැුකියාව කරන අතර එහිදී ඇතිවූ පේ‍්‍රම සම්බන්ධයක් මත විවාහවී සැමියාගේ ගම් ප‍්‍රදේශය වන ඉමදුවට පැමිණ ඇති බවත් එසේ පැමිණ ටික දිනකින් එම ගමේම වෙනත් තරුණයෙකු සමග ඇය අනියම් සම්බන්ධයක් ඇතිකරගෙන ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී තිබේ. මේ අතර තිස් හැවිරිදි සැකකරු තවත් සැකකරුවෙක් සමග නිවසට පැමිණ ඇයගේ අකමැත්ත පිට අඹු සැමියන් ලෙස හැසිරී ඇති අතර අනෙක් සැකකරු විසින් එය වීඩියෝ ගතකර ඇති බවත් පසු දිනෙකද සැකකරු පැමිණ ඇය සමග අඹු සැමියන් ලෙස හැසිරී ඇති බවත් ඉකුත් 29වැනි දින පස් දෙනෙකු පැමිණ ඇති බවත් පසුව ඇය බේරිමට නොහැකිවූ නිසා පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.ඉමදුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක උපුල් කුමාර, පොලිස් පරීක්ෂක වීරවර්ධන යන මහත්වරු ඇතුලූ නිලධාරි කණ්ඩායමක් විසින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අහංගම සුගතපාල දීයගහගේ