කොවිඩ් නීති නොතැකූ ගුරු සාදය (VIDEO)

Report
0Shares

රටපුරා කොවිඩ් වසංගතය පැතිර ගොස් ඇති බැවින් විවිධ සීමා පනවා ඇත්තේ ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙනි.

එහෙත් එය නොතකා කටයුතු සිදුවන අයුරු විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

මේ එවැනි සිද්ධියකි.

අද දෙරණ උකුස්සා පසුගිය සෙනසුරාදා රහසිගතව ළඟාවුණේ, ඉංගිරිය උඩගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙතය.

ඒ, කොවිඩ් 19 මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් පිරිසක් කටයුතු කරමින් සිටින බවට ලද තොරතුරකට අනුවය.

125ක පමණ පිරිසක් එහිදී සාදයකට එක්ව සිටිනු අයුරු දක්නට ලැබුණි.

ඇතැමුන් මුව ආවරණයක් වත් නොපැළද සිටීම විශේෂත්වයකි.

රට වසංගතයකට මුහුණදෙමින් සිටින කාලයක මෙලෙස නීති කඩකරන පුද්ගලයින් කවුරුන් ද?

අප කළ සොයාබැලීමකදී අනාවරණ වූ කරුණු මගින් අප මවිතයට පත්වුණි.

මේ සාදය පවත්වන්නේ, මරදානේ ප්‍රධාන පෙළේ පිරිමි විද්‍යාලයක ගුරුවරුන්, ආදි සිසුන් ඇතුළු පිරිසකි. පුදුමයට කරුණ නම් එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වී ඇත්තේ එම පාසලේ විදුහල්පතිවරයා වීමය.

සාදයට සහභාගිවූවන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ලබාගැනීම සඳහා පාසල් බස් රථ පවා ඔවුන් භාවිතකර තිබුණි.

ඉතා රහසිගතව සංවිධානය කර තිබූ මේ සාදයට එක්වූ බොහේ පිරිස් මත්පැන් වලින්ද සූර්වි සිටිනු දක්නට ලැබුණි.

මීටරයේ පරතරය නොතැකූ මොවුන් පිහිනුම් තටාකය පවා භාවිත කරනු ලැබුවේ කිසිදු සෞඛ්‍ය මාර්ගෝපදේශයක් පිළිබඳ තැකීමක් නොකරමිනි