කරු ජයසූරියගේ මියගිය දියණිය ඉන්දිරාගේ කතාව චිත්‍රපටයකට - නිළිය උදාරි

Report
0Shares

මීට වසර කිහිපයකට පෙර විදෙස්ගතව සිටියදී මරණයට පත්වූ හිටපු කතානායක කරු ජයසූරිය මහතාගේ පිළිකා රෝගයෙන් පීඩාවිඳි කණිටු දියණිය ඉන්දිරාගේ කතාව සිනමාවට නිර්මාණය වී තිබේ.මරණාසන්න කාලයේ විදේශ ප්‍රධාන මාධ්‍ය වල පවා ඇය ගැන ප්‍රවෘත්ති පළවිය. එයට හේතුවූයේ ඇයගේ මරණය පරිතයාගය සමග මුසුවූ කතාවක් වීමයි

ඉන්දිරාගේ කතාව සුවිශේෂී වූයේ ඇය ගැබිණියකව සිටියදී පිළිකා රෝග තත්වය දැනගැනීමෙන් පසු ඇයට නිර්දේශ කළ ඖෂධ දරු ගැබට හානියක් වන බව දැනගැනීම නිසා ඒවා නොගෙන දරුවා ආරක්ෂා කරගන්නට උනන්දුවීමත් තමාගේ ජීවිතය මරණය කරා යන ගමන ඉක්මණ්වීම දැන දැන ජීවිතය අත්හැරීමට කළ පරිත්‍යාගයත්ය. ඇගේ බලාපොරොත්තුව පරිදි දරුවා නිරෝගීව ලැබුණ අතර ඇය මියගියාය.

මේ සියලු කාරණා එම චරිතයට අනුගතවීමට උපකාරී වුණා. එසේම ඇගේ අවසාන කාලයේ ස්වරූපය විශිෂ්ට ලෙස මැවීමට අංග රචනා ශිල්පී නාරද තොටගමුව දැක්වූ දක්ෂතාවය විශ්මයජනකයි. ඉන්දිරාගේ චරිතය ප්‍රතිනිර්මාණය කිරීමට එයත් මට උදව් වුණා.අධ්‍යක්ෂ සංජීවගේ ඇකඩමික් දැනුම විශේෂයි. ඔහුගේ අධ්‍යක්ෂණ ක්‍රමවේදය මට වෙනස් අත්දැකීමක් ගෙන දුන්නා