නිරෝධායනය නොවූ 800ක් පුත්තලමේ... දිස්ත්‍රික්කයේ දැඩි අවදානම් - දිසාපති

Report
8Shares

ඉතාලියේ රැකියා වල නිරතව සිට නිවාඩුවට මෙරටට පැමිණි 800ක පමණ පිරිසක් වෙන්නප්පුව සහ ඒ ආසන්න ප්‍රදේශවල සිටින බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පවසනවා.

මෙම පිරිසෙන් බහුතරයක් නිරෝධායන නොවූ පිරිසක් යැයි ද කොරෝනා සම්බන්ධයෙන් පැවති රැස්වීමකදී දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියා.

මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කය මෙරට අනෙක් දිස්ත්‍රික්ක වලට වඩා අවධානමට ලක් ව තිබෙන බවත් ඉතාලියේ සිට නිවාඩුවට පැමිණි 800ක පමණ පිරිසක් එම දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවල විසිරී සිටින බවත් ඔහු කියා සිටියා.

මේ සම්බන්ධයෙන් "ගගන නිවුස් " කළ විමසුමකදී දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා කියා සිටියේ හදුනාගත් පුද්ගලයන්ට මේවනවිටත් අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බවයි.