කොරෝනා ‘අවදානම් රතු’ කලාපයක් බවට නම් කෙරුණු ශ්‍රී ලංකාවේ පළමු නගරය...අවදානමෙන් සිටින්න...

Report
25Shares

කළුතර - බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පුද්ගලයන් 135 දෙනෙකු නිරෝධායන කටයුතු සම්පූර්ණ කර ඇති අතර ස්වයං නිරෝධායන කටයුතුවල පුද්ගලයන් 206 දෙනෙකු යොමුකර ඇති බවත් කොරෝනා ආසාදිත තත්ත්වයෙන් හඳුනාගත් රෝගීන් 7 දෙනෙකු රෝහල් ගත කර ඇතැයිද අද (25) බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා සඳහන් කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 13ක් හඳුනා ගෙන රෝහල් ගත කර ඇති අතර ඉන් 7 දෙනෙකුම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ බව අනාවරණය වී තිබෙනවා.

ඒ හේතුවෙන් බේරුවල අවදානම් රතු කලාපයක් ලෙස නම්කර ඇති බවයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා අවධාරණය කළේ.

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය යන රටවල විදෙස් සංචාරකයන් මෙන්ම සිංගප්පූරුව ,කොරියාව, ඉන්දියාව, ඩුබායි සහ මැඩගස්කර වැනි රටවල් වලින් පැමිණි දේශීය පුද්ගලයන්ද ජීවත්වන බව ඒ මහතා තවදුරටත් කියා සිටියා.

1258 total views