ඇඳිරි නීතිය සම්පුර්ණයෙන්ම ඉවත් කරන දිනය පොලිසිය කියයි

Report
255Shares

ඇඳිරි නීතිය ඉවත් කිරීම හෝ ඉවත් නොකිරීම සිදුකළ හැක්කේ මහජන හැසිරීම අනුව බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියා.

රටේ ජනතාවගේ යහපත් හැසිරීම ඉස්මතු වන්නේ කවදා ද අන්න එදින ඇඳිරි නීතිය සම්පුර්ණයෙන්ම ඉවත් කරන බව ඔහු පැවසුවා.

ඇඳිරි නීතිය සම්පූර්ණයෙන් ඉවත් කරන්නේ කවදාදැයි බොහෝ දෙනා විමසා සිටින බවයි ඔහු පැවසුවේ.

එහෙත්, ඊට පිළිතුර ඇත්තේ තමන් හෝ රජය සතුව නොව, මහජනතාව සතුවම බව ද මෙහිදී අවධාරණය කෙරුණා.

ඇඳිරි නීතිය පනවනු ලැබ තිබෙන්නේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා පාලනය කිරීමේ අරමුණින් බව ද මෙහිදී ඔහු සිහිපත් කළා.

මේ අතර රටේ යම් යම් පුද්ගලයන් හැර සෙසු ජනතා නීතියට මෙන්ම වෛද්‍ය උපදෙශ්වලට ද ගරු කරමින් ක්‍රියා කරන බවද ඒ මහතා තවදුරටත් අවධාරනය කළා .

8980 total views