කොරෝනා ආසාදිතයන් ගණන 106ක්...බණ්ඩාරගමින් පස්වැනි කොරෝනා රෝගියාත් හමුවෙයි

Report
2Shares

තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර තිබෙනවා.

​මේ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 106ක් දක්වා ඉහලට ගොස් ඇති බව සඳහන්.

කෙසේ වෙතත් බණ්ඩාරගම සෞඛ‍‍්‍ය වෛද්‍ය නිලධාරී කොට්ථාසයට අයත් අටුලුගම මාරාව ප්‍රදේශයෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත රෝගියකු ඊයේ සවස හමු වූ බව බණ්ඩාරගම සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියා සිටියා.

මේ වන විට බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 5 දෙනෙකු හමු වී තිබෙනවා.

ඩුබායි රටේ දින 2 ක් ගත කර ඉකුත් 19 වෙනි දින මෙරටට පැමිණ තිබූ මෙම පුද්ගලයාට පෙරේදා 25 මූලික රෝග ලක්ෂණ පහල වී තිබියදී ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

ඊයේ දින හමු වූ එම රෝගියා සමග කලුතර දිස්ත්‍රික්කයෙන් හමු වූ සමස්ථ රෝගීන් ප්‍රමාණය 15 දක්වා ඉහළ ගියා.

626 total views