මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 110 දක්වා ඉහළට.. (UPDATE)

Report
34Shares

මෙරටින් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 110 දක්වා ඉහල ගොස් තිබෙනවා.‬. අද (28) දිනයේදී මේ දක්වා කොරෝනා රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් පවසන්නේ.

---------------------------

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 109 දක්වා ඉහළට.. සැක සහික තවත් දෙදෙනකු හමුවෙයි.

නව කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගින් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සංඛ්‍යාව 109කි.

මේ වන විට අද දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී හමුවූ මුළු රෝගීන් සංඛ්‍යාව 03 දෙනෙක් වනවා.

මේ අතර කොරෝනා රෝග ලක්ෂණ මතුවී යැයි සැක සහිත පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයන් දෙදෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබේ.

මෙලෙස මාරුකර යවා ඇති පුද්ගලයන් අතර තම්බෝව - යුද හමුදා කඳවුරේ සේවය කරන කෝප්‍රල්වරයෙකු ද සිටින බවයි පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා කියා සිටියේ.