රජයේ සායනික රෝගීන්ට හෙට සිට නිවසටම ඖෂධ

Report
5Shares

අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීමක් එහි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත් වුණා.

එහිදී ඖෂධ බෙදාහැරීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය ඇමති පවිත්‍රාදේවි වන්නිආරච්චි, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය

සේවා අධ්‍යක්ෂ ‍ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු මහත්ම මහත්මීන් කිහිපදෙනකු සහභාගී වූහ.

වත්මන් තත්ත්වය යටතේ රට තුළ ඖෂධ බෙදා හැරීම පිළිබඳ මෙහිදී තීරණ රැසක් ගනු ලැබීය.

01.රජයේ රෝහල්වල සායනිකව ලියාපදිංචි වී ඇති රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ බෙදාහැරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුව භාවිතා කිරීම.

02. රට තුල ඇති පෞද්ගලික ඖෂධ හරහා ඇණවුම් කර ඖෂධ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් ඇරඹීම.

(මේ සඳහා ලියාපදිංචි පෞද්ගලික ඖෂධ හල් ලයිස්තුව මෙයට එක් කර ඇත)

03. රාජ්‍ය ඔසුසල හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් මගින් ඖෂධ ලබාදීම

04. පිළිකා රෝගීන් වැනි විශේෂ ඖෂධ අවශ්‍ය රෝගීන්ට සායනික කටයුතු හා ඖෂධ ලබාදීම පෙර පරිදිම සිදු කිරීම.