ඉදිරි සති දෙක ඉතාමත් අවදානම්... ගෙදරින් එලියට එන්න එපා...

Report
20Shares

ඉදිරි දින 14ක කාලය ඉතාමත් අවදානම් කාලසීමාවක් බවත් නිසි පරිදි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

එම කාලයේ දී ඉතාම අත්‍යවශ්‍ය කරුණකට හැර නිවෙස්වලින් එළියට නොයන ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

මෙම දින 14 ක කාලය තුල කොරෝනා වෛරසය කුඩා කණ්ඩායම් අතර පැතිරී යාමේ අවදානමක් ඇති බවත් එමෙන්ම ඉන් ඔබ්බට ගොස් සමාජය තුල පැතිර යා හැකි බවත් සංගමය අනතුරු අඟවයි.

එම නිසා මෙම අවදානම් කාලය තුලදී මෙරට ජනගහනයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් නිවෙස් තුල රැඳී සිටීම අත්‍යවශ්‍ය බව ද ඔවුන් කියා සිටියා.

ජනතාව ඒ ආකාරයෙන් කටයුතු නොකළහොත් කොරෝනා වෛරසය පැතිරී යාම පාලනය කිරීම ඉතා අපහසු වනු ඇති බව ද සංගමය අවධාරණය කළා.