අවුරුදු සැමරුම් එපා...කොරෝනා ආසාදිතයින් 250 ඉක්මවා යන්න පුළුවන්

Report
101Shares

අලුත් අවුරුද්ද ද ඇතුළත් වන ඉතිරි ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කර තිබෙනවා.

අප්‍රේල් 17 වන විට රෝගීන් 250ක් පමණ මෙරටින් වාර්තා විය හැකි බවට තමි සැක කරන බවයි ඔහු පැවසුවේ.

නමුත් සංචරණ සීමා අඩු කිරීමට ඇතුළුව සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙන් වෛරස ව්‍යාප්තිය අවම කරගත හැකි බව ද ඔහු කියා සිටියා.

එමෙන්ම මෙවර සිංහල අවුරුදු සැමරුම් හා උත්සවවලින් වැලකි සිටින ලෙසද ඔහු මහජනතාවට උපදෙස් ලබා දුන්නා.