කෑගල්ල - අරණායකත් කොරෝනා අවධානම් කලාපයක්...හදිසියේ තරුණයෙකු මිය යයි.

Report
4Shares

කෑගල්ල - අරණායක පොලිස් බල ප්‍රදේශයට අද දිනයේ ඇදිරිනිතීය ඉවත් නොකරන බව අරණායක පොලිසිය විසින් දැනුම් දී තිබුනා.

ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ජනතාව දැනුවත් කරමින් කියා සිටියේ අරණායක ප‍්‍රදේශයේ කොරෝනා රෝගය වසංගත මට්ටමින් පැතිර යාමේ අවදානමක් ඇති බවයි.

එම නිසා අරණායක පොලිස් බල ප‍්‍රදේශයට ඇතුලූ වන ප‍්‍රධාන මාර්ග සියල්ලම මේ වන විට මාර්ග බාධක යොදා වසා ඇති අතර පොලිසිය විසින් අරණායක ප‍්‍රදේශයට ඇතුලූ වීමට අවසර ලබා දී ඇත්තේ අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් යන පිරිස් වලට මෙන්ම ඇදිරි නිතී බලපත‍්‍ර සහිත පුද්ගලයන්ට සහ වාහන වලට පමණයි.

අරණායක - දෙබත්ගම තරුණයෙකු හදිසියේ රෝගි තත්ත්වයකින් මිය යාම ඊට හේතුව ලෙස දක්වා තිබෙනවා.

නමුත් එම රෝගියාගේ වෛද්‍ය වාර්තා තවමත් පරික්ෂණ මට්ටමේ පවතින බවයි පොලිසිය සඳහන් කළේ.