කොරෝනා අවධානම ඉහළ යයි.. ජපානයටත් හදිසි තත්ත්වයක්.

Report
2Shares

කොරෝනා වෛරස් ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් ජපානයේ ටෝකියෝ නුවර ඇතුළු එරට කලාප 6ක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, ජපාන රජය මගින් කොරෝනා වෛරසය නිසා ඇති වන ආර්ථික හානිය අවම කරලීම සඳහා සහන පැකේජයක් ද අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මේ වන විට ජපානයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් සංඛ්‍යාව 3654 දක්වා ඉහළ ගොස් ඇති අතර, එරටින් මරණ 85ක් ද වාර්තා වී තිබේ.

අද ප්‍රකාශයට පත් කළ හදිසි තත්ත්වය මාසයක කාලයක් සඳහා බල පැවැත්වෙන අතර එහිදී අදාළ පළාත් ආණ්ඩුකාරවරුන්ට ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට සහ ජනතාව නිවෙස්වලට සීමා කිරීම සඳහා බලතල පැවරෙන බව ජපන් රජය ප්‍රකාශ කළේය.