අද කොරෝනා ආසාදිතයින් 13ක් හමුවෙයි.. මුළු ගණන 1068 දක්වා ඉහළට.

Report
13Shares

update

තවත් කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන් 08 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව 1068 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

.................................................................................................

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1060 දක්වා ඉහළට.

අද දිනයේ මේ වන විට කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් 05 දෙනෙකු හමුවී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ අනුව මෙරට ආසාදිත සමස්ත රෝගීන් ගණන 1060 දක්වා ඉහළ ගොස් තිබේ.

....................................................................................................

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 1059 දක්වා ඉහළ යයි.

තවත් කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව 1059 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

.........................................................................................

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව අදත් ඉහළට

අද දිනයේ නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිත සංඛ්‍යාව 1057 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

මෙලෙස හඳුනාගත් ආසාදිතයින් නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

මෙරටින් වාර්තාවී ඇති ආසාදිතයන්ගෙන් 620 දෙනෙකු ප්‍රතිකාරවලින් අනතුරුව පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටි 16 දෙනෙකු සුවය ලබා අද නික්ම ගිය අතර, නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද ඒ අතර සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කළේ.

ඒ අනුව වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 250ක්.

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 428 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මියගිය සංඛ්‍යාව 9ක්.