ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකියි - අනිල් ජාසිංහ.

Report
1Shares

නිරිත දිග මෝසම සක්‍රියවීමත් සමඟ ඉදිරියේදී ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ගෙවුණු වසරවලට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේදී ඩෙංගු රොගීන් වාර්තාවීම ඉහළයාම ද විශේෂත්වයක් වී තිබේ.

2018 වර්ෂය තුළ ඩෙංගු රෝගීන් 51,659 ක්ද මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19,474 ක් ද දිවයින පුරා වාර්තා වුණා.

ගෙවුණු වර්ෂවල මුල් කාර්තුවට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුවේ ඩෙංගු රෝගින්ගේ ඉහළ යාමක් සිදුව තිබුණත් ඒ පිළිබඳ අඩු අවධානයක් යොමුව තිබෙන්නේ කොවිඩ් 19 වසංගතය රටම වෙලා ගෙන ඇති නිසාවෙන්.

සාමාන්‍යයෙන් වසරකට පුද්ගලයින් 50,000කට වැඩි පිරිසකට ඩෙංගු වැළඳෙන අතර වාර්ෂිකව පුද්ගලයින් 50 ට වැඩි පිරිසකට ජීවිත අහිමිවේ.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පෙන්වා දෙන්නේ රට නැවත යථාතත්ත්වයට පත්වීමත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බවයි.