නොරෝච්චෝල බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ රෝගාතුර වෙයි

Report
9Shares

නොරෝච්චෝල ලක් විජය බලාගාරයේ සේවකයින් පිරිසක් හදිසියේ උණ හා අනිකුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අදාල සේවක පිරිස වෛද්‍ය පරික්ෂණ සදහා යොමු කර රාජකාරියට පැමිණ සිටි 600කට ආසන්න පිරිසක් නැවත නිවෙස් වෙත යාම නවතා ආරක්ෂීතව නේවාසිකාගාර තුල රදවා ඇති බව වාර් තා වෙයි.

ලක්විජය බලාගාරයේ ගිණුම් හා මානව සම්පත් ඒකකයේ සේවය කරන 9 දෙනෙකු මෙසේ උණ , උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂ පෙන්නුම් කර ඇති බව කියයි.

අදාල රෝග ලක්ෂණ පෙන්නුම් කල 9 දෙනා පුත්තලම මුලික රෝහලේ විශේෂ දී පි.සි.ආර්.පරික්ෂණ සදහා අදාල ජෛව පටල සාම්පල ලබා ගෙන ඇති බවද ආපසු මොවුන් රැගෙන ගොස් විදුලිබල මණ්ඩල නේවාසිකාගාර තුළ ආරක්ෂීතව රදවා ඇති බව වාර් තා වෙයි.

ලක්විජය බලාගාරය රටේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට හැටකට ආසන්න දායකත්වක් දක්වන ප්‍රධාන විදුලි සැපයුම් කරු වෙයි .

රට තුල පැවති කොරෝනා තත්ත්වය හමුවේ පසුගිය මාස තුනකට ආසන්න කාලයක් ලක් විජය සේවකයින් හා නිලධාරින් සියයට 30 ක දායකත්වය දක්වා තිබුනි.

නමුත් දැනට දින කිපයක සිට සුපුරුදු ලෙස සේවක පිරිස් පැවති ක්‍රමයටම සේවයට පැමිණිම ආරම්භ කර තිබුනී.

මෙම ලක්විජය සේවකයින්ගේ පි.සි.ආර් පරික්ෂණ සදහා ජෛව පටල සාම්පල ලබා ගැනිම පිළිබදව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ .

“ මෙම පිරිස එතරම් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් කර නැහැ .නමුත් මොවුන් හා අනිකුත් පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් අදාල පිසිආර් පරික්ෂණ සදහා සදහා ජෛව පටල සාම්පල ලබා ගෙන පරික්ෂණ සදහා යොමු කර තිබෙනවා .එම වාර් තා හෙට (23) වන විට ලැබිම සිදුවෙයි යනුවෙන් පැවසිය .

මේ පිළිබදව ලක්විජය බලාගාර කළමණාකරු ඉන්ද්‍රසිරි ගාල්ලගේ මහතාගෙන් කල විමසිමේදි පවසා සිටියේ ,

“ අපේ කාර්යාල පරිශ්‍රය තුල සේවය කරන පිරිසක් උගුර අමාරුව ඇතුළු රෝග ලක්ෂණ පෙන්නුම් කිරිමත් සමග අප වහාම සේවයට පැමිණ සිටි 600 කට ආසන්න පිරිස් නිවෙස් වෙත හා ගම්බිම් වෙත යාම නවතා දැමුවා .

එය කලේ ආරක්ෂීත පියවරක් ලෙසයි .මොකද අපේ අසනිප වු පිරිසේ පරික්ෂණ වාර් තා හෙට දිනයේ ලැබුණ පසු අපි එම තත්ත්වය අනුව ක්‍රියාත්මක ආදලා පිරිස් මුදා හරින්න කටයුතු කරනවා .මේ අනුව සියලුම සේවක පිරිස් නේවාසිකාගාර තුල ආරක්ෂීත අයුරින් රදවා තිබෙනවා යැයි පැවසිය.

මේ පිළිබදව කල්පිටිය සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධර්ම ශ්‍රී මධුමාල් මහතා පවසා සිටියේ,

“ මේ තත්ත්වය නිසා අනියත බියක් ඇති කර ගන්න උවමනා නැහැ .මොකද මේ වන විට පවතින විවිධ රෝගයන් නිසා ශරිරයේ විවිධ තත්ත්වයන් මතුව තිබේනවා . අපි විශේෂයෙන් ලක් විජය බලාගාරය නිරන්තර පරික්ෂාවට ලක් කර අදාල සෞඛ්‍ය කළමණාකරන කටයුතු නිවැරදි අයුරින් පවත්වාගෙන යන ස්ථානයක් .