ලෝකයේ පළමු වතාවට... ජපානයේ දින හයක ළදරුවකුට විශ්මිත අක්මා බද්ධ කිරීමක්

Report
3Shares

ජපානයේ සුව කළ නොහැකි අක්මා රෝගයකින් පෙළුණු දින හයක් වයසැති බිළිඳකුට ලොව ප‍්‍රථම වරට ළදරු කළලයකින් ලබාගත් තනි සෛලවලින් (විශේෂිත ෙසෙල වර්ග බවට වර්ධනය වීමේ හැකියාවෙන් යුතු ස්ටෙම් සෙල්ස්) නිපදවූ අක්මා සෛල එන්නත් කිරීමෙන් සාර්ථක අයුරින් බද්ධ කිරීමට ජපන් පර්යේෂකයින් පිරිසක් විසින් ක‍්‍රියා කර තිබේ. මෙය මේ ආකාරයෙන් සිදු කළ ලොව ප‍්‍රථම අක්මා සෛල බද්ධ කිරීමේ සැත්කම බව විදෙස් මාධ්‍ය පවසයි.

ජපානයේ ළමා සෞඛ්‍ය හා සංවර්ධනය පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ වෛද්‍ය ෆුකුඩා අකිනාරිගේ නායකත්වයෙන් යුත් වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම අක්මා සෛල බද්ධ කිරීමේ සැත්කම සිදු කර ඇත්තේ අක්මාවට විෂ සහිත වන ඇමෝනියා බිඳ දැමීමට නොහැකි වන යුරියා සයිකල් ඩිසෝඩර් නමැති සුව කළ නොහැකි රෝගයෙන් පෙළෙමින් සිටි ළදරුවකුටය. අක්මා බද්ධ කිරීමේ සැත්කමකට ලක් වීමට තරම් නිසි වයස සම්පුර්ණ කර නොතිබූ මෙම ළදරුවාට පළමුව එම වයස සම්පුර්ණ වන තෙක් කළලයකින් ලබා ගත් අක්මා සෛල මිලියන 190ක් එන්නත් ප‍්‍රතිකාර ක‍්‍රමයක් හරහා (බි‍්‍රජ් ටී‍්‍රට්මන්ට් * අක්මාවේ රුධිර නාළවලට පර්යේෂකයින් විසින් එන්නත් කර තිබේ.

කෙසේ වුවද මෙම එන්නත් ප‍්‍රතිකාරය හරහා ළදරුවාගේ රුධිරගත ඇමෝනියා ප‍්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට පහත වැටී ඇති අතර ළදරුවා ප‍්‍රතිකාරයෙන් සති නවයකට පසුව රෝහලින් මුදා හැර තිබේ. මෙම ප‍්‍රතිකාරයේ සාර්ථකත්වය නිසාම ඉකුත් මාර්තු මාසයේ ළදරුවාට පියාගෙන් ලබා ගත් අක්මා කොටසක් බද්ධ කිරීමෙන් මේ වන විට සුවයෙන් පසු වන බව පර්යේෂකයෝ කියා සිටිති.

අක්මා සෛල බද්ධ කිරීම සිදු කළ ළදරුවා ගැහැනු දරුවකු ද ,පිරිමි දරුවකු ද යන්න අනාවරණය කර නැත. සාමාන්‍යයෙන් අක්මා බද්ධ කිරීමක් සිදු කරනුයේ ළදරුවකු මාස 3ත් 5ත් අතර වයසට පත් වීමෙන් පසුව වන අතර එහිදී ළදරුවාගේ බර කිලෝ ග‍්‍රැම් 6කට පත් වී තිබිය යුතුවේ.

මෙම අක්මා සෛල බද්ධ කිරීමේ සැත්කම සාර්ථක අයුරින් සිදු කිරීම දුර්ලභ ඝනයේ අක්මා රෝගවලින් පෙළෙන ළදරුවන්ට සුභ ආරංචියක් බව පවසන බද්ධ කිරීම සිදු කළ ජපන් පර්යේෂකයින් පිරිස එවැනි බද්ධ කිරීම් තුනක් මෙම වසර අවසන් වීමට පෙර සිදු කර මෙම ප‍්‍රතිකාරය ඵලදායි ප‍්‍රතිකාරයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ.