දරුවන් අතර මතුවිය හැකි රෝගයක් ගැන අනතුරු ඇගවීමක්...

Report
4Shares

කොරෝනා වෛරසය පැතිර යාමෙන් පසු දරුවන් අතර කවසාකි නම් රෝගය මතුවිය හැකි බැවින් ඒ පිළිබදව දෙමව්පියන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව වෛද්‍යවරුන් පවසනවා.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා කියා සිටියේ මෙය ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් බැවින් ඒ තුළින් දරුවාගේ හෘදයට බලපෑම් ඇති කළ හැකි බවයි.

එම නිසා දරුවන් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙස ද ඔහු ඉල්ලීමක් කර තිබෙනවා.