අද දිනයේ මෙතෙක් හමුවූ කොරෝනා ආසාදිතයින් ගණන 50 ඉක්මවයි.

Report
53Shares

update

අද දිනයේ මෙතෙක් කොරෝනා රෝගීන් 52 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට සමස්ථ කොවිඩ් 19 ආසාදිත සංඛ්‍යාව 1141 දක්වා වැඩිවී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

...............................................................................................

අද කොරෝනා ආසාදිතයින් 49 ක් හමුවෙයි..මුළු ගණන 1138 ක් දක්වා ඉහළට.

තවත් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1138 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

.....................................................................................................................................

අද මෙතෙක් වාර්තා වූ සියළු ආසාදිතයින් කුවේට් සිට පැමිණි අයයි..මුළු ගණන 1118 ක් දක්වා ඉහළට.

කොරෝනා වෛරස් ආසාදිතයෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිත ගණන 1118 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

අද මෙතෙක් වාර්තා වූවන් සියළුදෙනා කුවේට්වල සිට පැමිණ මින්නේරිය සහ ත්‍රීකුණාමලය යන නිරෝධායන මධ්‍යස්ථානයන් වල නිරෝධායනයට ලක්වෙන පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

...................................................................................................

අද මෙරටින් කොරෝනා ආසාදිතයින් 28ක් හමුවෙයි... මුළු ගණන 1117 ක් දක්වා ඉහළට.

අද දිනයේ මේ වන විට කොරෝනා වෛරස් ආසාදිතයින් 28 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිත ගණන 1117 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ තවත් ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමගයි.

.............................................................................................

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1106 ක් දක්වා ඉහළට.

තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1106 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මෙම ආසාදිතයින් 12 දෙනා ද කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවද රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළා.

අද දිනයට ආසාදිතයින්ගෙන් 17 දෙනෙකු වාර්තා වු අතර ඒ සියලු දෙනාම කුවේට් සිට පැමිණි අය බවයි පැවසෙන්නේ.

........................................................................................................

අදත් මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි.

අද පස්වරුව වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1094 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අවසන් ආසාදිතයින් පස් දෙනාම කුවේට් රාජ්‍යයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය බවද රජයේ ප්‍රවෘත්ති අධක්ෂ ජෙනරාල්වරයා පවසයි.

මේ අතර අද දිනය තුළ පූර්ණ සුවය ලැබු පුද්ගලයින් 14 දෙනෙක් රෝහල්වලින් පිටව ගිය අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 674 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ ආසාදිතයින් 21 දෙනෙක් වාර්තා වු අතර ඉන් 19 දෙනෙක් නාවිකයින් හමුදාවේ අය බවයි පැවසෙන්නේ.

සෙසු පුද්ගලයින් දෙදෙනා ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් වනවා.

ආසාදිතයින් 407 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් මිය ගොස් තිබේ.