ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ නිරෝධායනය වූ 110ක් ගෙදර යද්දි අමතක නෙවෙන දෙයක් දීල යයි.

Report
4Shares

ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ රාජගිරිය ආයුර්වේද රෝහල් පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ 110 දෙනෙකු අද නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටව ගොස් තිබෙනවා.

යුද හමුදා පොලිස් සේවා බළකාය විසින් අධීක්ෂණය කෙරුණු මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිස නිරෝධායනය අවසන් කළ පසු රුපියල් අට ලක්ෂ විසිපන්දහසක මුදලක් කොවිඩ් අරමුදල සඳහා බැර කිරීම ද විශේෂත්වයක්.

ගුවන් හමුදා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයක් විසින් අධීක්ෂණය කරන වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහලේ නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 41 දෙනෙකු ඊයේ ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවුණා.