හෙට ඉඳලා රටේ විවිධ පළාත්වල සිට කොළඹට එන වාහන සීමා වෙන්නේ මේ ස්ථානවලයි....

Report
4Shares

හෙට රටේ ඇඳිරි නීතිය ඉවත් කලත් ජනතාවට අවශ්‍ය පරිදි ගමන් බිමන් යාමට හැකියාව නොලැබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු කියා සිටියේ රට සියයට 50ක් විවර කල ද එය අනවශ්‍ය ගමන් සඳහා යොදා නොගන්නා ලෙසයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පෞද්ගලික රුපවාහිනි නාලිකාවක් සමග පැවති වැඩසටහනකට එක වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළා.

අම්පාර, මොනරාගල, බදුල්ල, රත්නපුර සිට කොළඹට පැමිණෙන වාහන අවිස්සාවේල්ල දක්වාත්, යාපන, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර මහියංගන යන ප්‍රදේශවල සිට පැමිණෙන වාහන නිට්ටඹුව මෙන්ම අනුරාධපුර මන්නාරම සිට පුත්තලම හරහා පැමිණෙන සියලුම වාහන මීගමුවෙන් සහ කළුතර, ගාල්ල,මාතර, සහ හම්බන්තොට සිට පැමිණෙන වාහන පානදුර දක්වාත් සීමා කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සංහාදන් කලේ.