එක් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් ඊයේ හමුවෙයි.

Report
3Shares

මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ(26) දිනයේ වාර්තා වී තිබෙනවා.

ඒ වෛරස ආසාදිතයින් 137 දෙනෙකු ඊයේ දිනය තුළ පමණක් හඳුනාගැනීමත් සමඟයි.

ඒ අනුව මේ වන විට මෙරටින් හදුනා ගෙන ඇති සමස්ත කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 1319 දෙනෙකු වනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 127 දෙනෙකු කුවේට් සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් බවයි.

මීට අමතරව ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් 10 දෙනෙකු ද වව බවයි පැවසෙන්නේ.

මෙරටින් මේ දක්වා කාලය තුළ ආසාදිතයින් 712 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.