අසල සිටියදී කොරෝනා රෝගීන් හදුනාගත හැකි උපකරණයක් නිපදවෙයි.

Report
2Shares

කොරෝනා වෛරසය අසාදනය වී ඇති පුද්ගලයින් අසල සිටී නම් හඳුනාගැනීමට උපකරණයක්(Device) සිංගප්පුරුවෙන් හඳුන්වාදී තිබෙනවා.

මෙම උපකරණය මගින් කෝවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයෙක් තමා අසල සිටි නම් ඒ බව තමන්ට දැනුම් දීමක් කරනු ඇති බවයි පැවසෙන්නේ.

මෙහි බැටරිය එක් වරක් ආරෝපණය කළ විට මාස 9ක කාලයක් භාවිතා කළ හැකි බව එම උපකරණය නිපද වූ විද්‍යාඥයන් පවසනවා.

ස්මාර්ට් ෆෝන් නොමැති, කොරෝනා අවදානමට ලක්විය හැකි වැඩිහිටි පුද්ගලයින් සඳහා මෙම උපාංග මුලින්ම හඳුන්වා දෙනු ඇති.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය මගින් කොරෝනා රෝගීන් හඳුනාගැනීමට නව දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙනවා.

මෙම මෘදුකාංගය ජංගම දුරකථනයට ඇතුලත් කරගත් පසු අසළ සිටින පුද්ගලයා කොරෝනා රෝගය ආසාදනය වී සුවය ලැබූවෙක්ද, නිරෝධායනය වන පුද්ගලයෙක්ද, නැතහොත් විදේශ රටක සිට පැමිණි අයෙකු ද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට හැකියි.

ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූවෙකු ළඟ සිටීනම් දුරකථනයෙන් යම්කිසි නාදයක් නිකුත් වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළා.

මෙම මෘදුකාංගය ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොම්පොලගේ උපදෙස් හා එම ආයතනයේ පර්යේෂන ආධාර මත නිර්මාණය

කර ඇති අතර, ඉදිරියේදී මෙම මෘදුකාංගය ජංගම දුරකථන භාවිත කරන්නන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.