නිවාඩු ගිය හමුදාවේ දෙදෙනෙකුට කොරෝනා වැළඳීමෙන් හෝමාගම 35 ක් නිරෝධායනයට.

Report
4Shares

කන්දකාඩු පුනරුත්ථාපන නිරෝධායන කඳවුරේ සේවය කළ හෝමාගම කැන්දලන්ද සහ ගොඩගම ප්‍රදේශවල යුද හමුදා නිලධාරීන් දෙදෙනකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයින් බවට සොයා ගත් පුද්ගලයින් 35 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

බව මෙම හමුදා නිලධාරීන් දෙදෙනා නිවාඩු ලබා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සිය නිවෙස් බලා පැමිණ සිටි අයවලුන් වන අතර ඔවුන්ව යලි කඳවුර වෙත කැඳවීමත් සමග ආපසු කන්දකාඩු බලා ගොස් ඇත.

කොරෝනා වෛරසය ආසාදිත බවට හෙළිවූ එක් යුද හමුදා සාමාජිකයකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගිය හෝමාගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයා සහ සේවකයින් ද ස්වයං නිරෝධායනයට ලක් කොට තිබේ.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ, එම හමුදා සාමාජිකයා රන් භාණ්ඩ මිලදී ගැනිම සදහා ගිය වෙළඳසැලේ සේවකයෙකු ද නිරෝධායනට යොමු කිරීමට කටයුතු කළ බවයි.

මේ අනුව මෙම යුද හමුදා සාමාජිකයින්ගේ පවුල්වල ඥාතීන් යුද හමුදාව විසින් නිරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්න විජේසූරිය මහතා ප්‍රකාශ කළා.