ඉදිරි දින කිහිපය අවධානම්... තව අයෙක් ආසාදිතයෙක් බවට පත් නොකරන්න - හමුදාපති.

Report
14Shares

"ඉදිරි දින කිහිපය තුළ සමාජය තුළින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තා වීමේ යම් අවදානමක් පවතිනවා"යනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ හේතුවෙන් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ලබා දී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ප්‍රධාන මාධ්‍ය ආතතනයක පැවති වැඩසටහනකට එක් වෙමින් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

“ මේ සතිය ඉතාමත් වැදගත් වනවා. සතිය තුළ රටේ ජනතාවට කියන්නේ, එළියට යම් කොටසක් ඇවිල්ලා හිටියා මේ ගැන නොදැන නිවාඩු ඇවිල්ලා ඉඳලා. කන්දකාඩුවල වාර්තා වෙනකොට ම අපි ඔක්කෝම ඇතුළ ට ගත්තා. නමුත් ඔවුන් සමාජයේ ගැටුණ තැන් තියෙනවා. ඒ නිසා මේක සමාජයට යන්නේ නැහැ කියලා කාටවත් කියන්න බැහැ. “

සියලු දෙනා බොහෝ කැපකිරීම් කර රැකගත් මේ තත්ත්වය තවදුරටත් පවත්වා ගැනීම සඳහා සෞඛ්‍යාරක්ෂිත උපදෙස් පිළිපැඳීම ඉතා වැදගත් බව ද යුද හමුදාපතිවරයා පැවසුවා..

“යම්කිසි අවධානමක් ඊළඟ දින තුන හතර පහ තුළ තිබෙනවා“ යනුවෙන් ද පැවසු යුද හමුදාපතිවරයා, “මුඛ ආවරණය නිකට ආවරණයක් කර නොගෙන, අපි රැකෙන්න.

ආසාදිතයෙක් නොවෙන්න. තව අයෙක් ආසාදිතයෙක් බවට පත් නොකරන්න කටයුතු කරන්න “ යැයි ඉල්ලා සිටින බවත් හමුදාපතිවරයා මෙහි දී කියාසිටියා.