රත්නපුර කලවාන ප්‍රදේශයෙන් ද නව කොරෝනා ආසාදිතයෙක් හමුවෙයි.

Report
2Shares

රත්නපුර කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත වූ වාර්තා වූ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පවසනවා .

මේ හේතුවෙන් කලවාන ප‍්‍රදේහයේ වෙළඳසැල් වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර ඇත.

එමෙන්ම රත්නපුර දිස්ත්‍රීක්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත.

මෙම සිවු දෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය හා සම්බන්ද රාජකාරිවල යෙදී සිටි අය වේ.

ඔවුන් සියලු දෙනාගේම සමීපතමයන් නිරෝධායන කදවුර වෙත යොමු කර ඇති බව ද කන්නන්ගර මහතා පැවසීය.

එමෙන්ම ඔවුන්ගේ දෙවැනි පෙළ ආශ්‍රිතයන් 60 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බවද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.