නව කොරෝනා වෛරසය ආසාදිත ගණන තවත් ඉහලට....බාහිර සමාජයෙන් තවත් හමුවෙයි...

Report
12Shares

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2653 ක් දක්වා ඉහල ගොස් ඇති බව ජාතික වසංගත විද්‍යා අංශය පවසයි.

මේ අතර මෙරට, කොරෝනා ආසාදනය වී සුවය ලැබූ ගණන 1988 දක්වා ඉහළ ගොස් ඇති බවද එම අංශය නිවේදනය කරයි.

ඒ තවත් ආසාදිතයින් 07 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

මේ අතර කොරෝනා ආසාදනය වී පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 898ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ ප‍්‍රකාශ කළා.