ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත ගණන ඉහළ යයි.

Report
7Shares

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2814ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

එම ආසාදිතයන්ගෙන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් සහ කටාර් රාජ්‍යවල සිට පැමිණි දෙදෙනෙක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 470 දෙනෙකු තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවන වන අතර සුවය ලැබූ 2333 දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් තිබේ.