දියතලාව කඳවුරේ නිරෝධායන වන පිරිසක් හමුදා නිලධාරින් සමග ගැටේ...

Report
4Shares

දියතලාව හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිලධාරින් හා විදේශ රටක සිට මෙරටට පැමිණ නිරෝධායන සඳහා යොමුකර සිටින පිරිසක් අතර ඇති වූ වාචික ගැටුමක් සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ ජාලයට මුදා හැර තිබෙනවා.

එම නිරෝධායන මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු කරන ආරක්ෂක හමුදාව නිලධාරින් සමඟ මෙම මත ගැටුම ඇති වී තිබෙන අතර එය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර සමාජ ජාලයට මුදා හැර ඇති බව සඳහන්.

නිරෝධායන මධ්‍යස්ථානයේදී ඔවුන්ට ඇති වූ අපහතාවයන් සම්බන්ධයෙන් එහි සඳහන් කරමින් එම පිරිස මෙම ගැටුම ඇතිකර ගෙන තිබෙනවා.

එම අවස්ථාවේදී ඉහල හමුදා නිලධාරියෙක් දැඩිව පැහැදිලි කර සිටියේ හමුදා නිලධාරීන් විසින් දැඩි කැපකිරීමක් සිදු කරමින් ආහාර පාන සකස් කරදෙන බවයි.

එමෙන්ම තමන්ගේ ඇඳන් පහසුකම් පවා රෝගීන් වෙත ලබා දෙන බවත් එනිසා ඊට ගෞරවය දී හැසිරෙන ලෙසයි අදාළ නිලධාරියා මෙහිදී සඳහන් කර සිටියේ.

එම කණ්ඩායමේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් දැනට රදවා සිටින පිරිසෙන් තවත් අයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙන්නට හැකියාව ඇති බවත් නිලධාරියා පැහැදිලි කර දුන්නා.

නමුත් එම පිරිස අදාල නිලධාරියා පැහැදිලි කරන අවස්ථාවේද නොසන්සුන්තාවයෙන් හැසිරීම මෙම විඩියෝවෙන් දැකිය හැක.