කෝරෝනා පිළිබඳව අලුත්ම සතුටුදායක ආරංචිය.

Report
8Shares

චීනය නිපදවූ නව කොරෝනා වෛරසයට එරෙහි එන්නත් ලබන නොවැම්බර් මාසයේදී මහජන භාවිතය වෙනුවෙන් නිකුත් කිරීමට සූදානම් බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නව කොරෝනා වෛරසයට ප‍්‍රතිකාර වශයෙන් චීනය විසින් මේ වනවිට එන්නත් 04 ක් නිපදවා ඇති බවයි.

එම එන්නත්වල සායනික අත්හදා බැලීම් මේ වනවිටත් අවසන් අදියරයේ පවතින බව ද චීනයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

එම එන්නත් 04 න් තුනක්, මේ වනවිටත් චීනයේ කොරෝනා ආසාදනය වූ අත්‍යාවශ සේවා රාජකාරී සිදු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර සිව්වන එන්නත, කොරෝනා ආසාදනය වූ චීන හමුදා සාමාජිකයින් සඳහා ලබාදීමට ද පියවර ගෙන තිබුණේ පසුගිය ජුනි මාසයේ සිට බවයි පැවසෙන්නේ.