නව කොරෝනා ආසාදිතයින් 13ක් හමුවෙයි... ඒ අතරෙ කන්දකාඩු වෙනුත්.

Report
3Shares

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැඳවියෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (22) දිනයේ අදාළ රැඳවියාට කොවිඩ් නයින්ටීන් ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

මීට අමතරව ඊයේ දිනයේ තවත් නව කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගැණුනා.

ඒ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙක්, සෞදි අරාබියේ සිට පැමිණි තිදෙනෙක්, කුවේට් සිට පැමිණි 07 දෙනෙක් සහ ඉන්දියාවේ සිට පැමිණි ඉන්දියානු ජාතිකයෙකු ද වනවා.

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිත සංඛ්‍යාව 3,313 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ය.

සමස්ථ ආසාදිතයින්ගෙන් 3,118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 182 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මේ අතර අද (23) උදෑසන දෝහා කටාර් සිට පුද්ලගයින් 42ක් හා ඉන්දියාවේ මුම්බායි සිට එක් පුද්ගලයෙක් දිවයිනට පැමිණි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.