කොරෝනා හා නිමොනියව හේතුවෙන් ඉන්දීය සිනමා ගායන ශිල්පී SP බාලසුබ්‍රමනියම් මිය යයි (VIDEOS)

Report
29Shares

ප්‍රවීන දකුණු ඉන්දීය සිනමා ගායන ශිල්පී SP බාලසුබ්‍රමනියම් කොරෝනා රෝගය වැළඳී මිට ටික වේලාවකට පෙර මිය ගොස් ඇති බව සනතා කර තිබෙනවා.

SP බාලසුබ්‍රමනියම්ගේ සෞඛ්‍ය තත්ත්වය බරපතලවී ඇති බව ඉන්දීය වාර්තා කියා සිටියා.

ඔහු රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයේ චෙනායි පෞද්ගලික රෝහලක ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටිය අතරවාරයේ අද පෙරවරුවේ ඔහුගේ ඥාතීන්ට රෝහල වෙත පැමිණෙන ලෙස දැනුම් දීමත් සමග ගායන ශිල්පී SP බාලසුබ්‍රමනියම් ප්‍රතිකාර ලැබූ රෝහල අවට දැඩි පොලිස් ආරක්ෂාව තර කර තිබෙනවා.

මේ හේතුවෙන් ඔහුගේ රසිකයන් කලබල වී රෝහල භුමිය කර පැමිණෙමින් සිටින බවට වාර්තා වනවා. මෙයට මසකට පමණ ඉහත දී ගායන ශිල්පී SP බාලසුබ්‍රමනියම් කොරෝනා රෝගය වැළඳී රෝහල් ගත කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බවට රෝහල් ආරංචි මාර්ග සහ ඔහුගේ ඥාතින් කියා සිටියා. නමුත් මේවන විට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය බරපතලවී ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකාවේ ප්‍රසංග මෙන්ම පෞද්ගලික චාරිකා සඳහා අවස්ථා ගණනාවක දී ඔහු පැමිණ තිබෙනවා. දෙමළ, තෙලිඟු, මලයාලම්, හින්දි ඇතුළු භාෂා රැසකින් ගීත 60000ක් පමණ තමන්ගේ මිහිරි හඬින් ගායනා කර ඇති ඔහු දක්ෂ රංගන ශිල්පියෙකුද වනවා.

දෙමළ සිනමාවේ ප්‍රවීන ගායකයෙකු වූ SP බාලසුබ්‍රමනියම් 1981 වසරේ දී "ඒක් දුජේ කේ ලියේ" (Ek Duuje Ke Liye) නම් හින්දි චිත්‍රපටය මගින් හින්දි සිනමාවේ ගායනයට දායකත්වය ලබාදුන්නා.

එම ,චිත්‍රපටයේ "තෙරේ මෙරේ බිචුමේ" යන ගීතය ඔහු විසින් ගායන කරනු ලැබුවා. ඉන් අනතුරුව වඩාත් ප්‍රසිද්ධ "සාජන්" චිත්‍රපටයේ "දේකා හෛ පැහලිබාර් " "බෝහතු පයර් කල් ති හෛ" ගීත ඇතුළු තවත් ගීත ගායනා කරනු ලැබුවා.