රටටම කොරෝනා පැතිරීමේ අවදානමක්... දිස්ත්‍රික්ක 12 ආසාදිතයන් !!!

Report
144Shares

'කොවිඩ්-19’ වයිරස ආසාදිතයන්ගේ නව පොකුරක් නිර්මාණය වූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සති කිහිපයක් මුළුල්ලේ සිට වයිරසය තිබී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කොළඹදී අද (7) ප්‍රකාශ කළේය.

නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මුලින්ම හඳුනාගත් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවිකාව, මිනුවන්ගොඩ එම ආයතනයෙන් වාර්තා වූ කොවිඩ් පොකුරේ පළමු රෝගියා නොවන බව ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර කීවේය.

කොළඹ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා එම කරුණු කීය.

ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සමගින් ගගන හිමිදිරිය මෙම විඩියෝවෙන් බලන්න.