කොළඹ කොරෝනා අධි අවදානම් කලාපයක් - GMOA (VIDEO)

Report
251Shares

කොරෝනා රෝගය පැතිරීමේ අධි අවදානම් සහිත කලාපයක් බවට කොළඹ හඳුනා ගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ශේනල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ දිනකට සිදු කරන පිසිආර් පරීක්ෂණ සංඛ්‍යාව 10000 දක්වා ඉහල දැමිය යුතු බවයි.

දැනට දිනකට පිසිආර් පරීක්ෂණ 6000ක් සිදු කළ ද පවතින තත්ත්වය හමුවේ එය ප්‍රමාණවත් නොවන බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර ගමපහ දිස්ත්‍රික්කයද තවදුරටත් අවදානම් බවද ඒ මහතා සඳහන් කළා.