තවත් කොරෝනා රෝගීන් 73ක්

Report
15Shares

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 73 දෙනෙකු වාර්තා වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

මෙලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් දෙදෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් ද සෙසු 71ක් දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවයි හමුදාපතිවරිය සඳහන් කළේ.

මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1974ක් වනවා.