දැඩි සත්කාර ඒකකයකින් කොරෝනා රෝගියක් හමුවෙයි...වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය අනතුරේ.

Report
25Shares

කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවකට කොරෝනා ආසාදිත බව හෙළිවී තිබෙනවා.

ඒ හේතුවෙන් එම දැඩි සත්කාර ඒකකය සහ රෝහලේ තවත් වාට්ටවක් වසා දමා ඇත.

ඇයට සමීපව කටයුතු කළ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ තිස් දෙකක් නිරෝධායන යොමු කර තිබේ.

ඇය එම ප‍්‍රදේශයේ පැවති මංගල සාදයකට සහභාගී වූ බවට තොරතුරු ඇතැයි ද රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

එම සාදයේ දී ඇය ආසාදිතයන් කිහිපදෙනකු මුණගැසුනු බවට තොරතුරු ඇති නිසා සිදුකරන ලද පරීක්ෂාවෙන් ඇයද ආසාදිත බව හෙලි වූයේ යයි ඔහු පැවසීය.