26 දෙනෙකු කටාර් සිට ශ්‍රී ලංකාවට

Report
6Shares

දෝහා කටාර් සිට පුද්ගලයින් 26 දෙනෙකු අද දින දිවයිනට පැමිණි අතර, ඔවුන් සියලු දෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 66 දෙනෙකු අද දිනයේ නිවෙස් වෙත පිටව ගිය අතර, මේ වනවිට පුද්ගලයින් 53,937 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටව ගොස් තිබෙනවා.

එමෙන්ම, මධ්‍යස්ථාන 82 ක තවදුරටත් නිරෝධායනයේ පසුවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 9,386ක්.